ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටේ



උතුරු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්‍රයා නුවරට නුදුරින්, දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 120 ඉක්මවයි.

එක් දුම්රියක් කයිරෝ අගනුවර සිට සෙයිඞ් වෙරළ නගරය බලා ධාවනය වෙමින් තිබුණු බවද පැවැසෙයි. එය මගීන්ගෙන් පිරී තිබුණි. අනතුර සිදුවූයේ ඊජිප්තු වේලාවෙන් දහවල් 2.15 ට පමණය.

රියදුරන්ගේ නොසැලකිල්ල නිසා අනතුර සිදුවුණැයි ඊජිප්තු ප්‍රවාහන ඇමැති හිස්ෂාම් අරෆාත් පවසා ඇත. අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ඊජිප්තු දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෑත ඉතිහාසයේ ඊජිප්තුවේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර මෙය බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

හමුදාවේ ද සහාය ඇතිව තුවාලකරුවන් රෝහල් ගත කෙරුණි. දුම්රිය මැදිරි පොඩිපට්ටම් වී ඒවා තුළ සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS