ඊජිප්තුවේ දුම්රිය ගැටුමක්



ඊජිප්තුවේ ඊයේ (28) දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කට ආසන්න යැයි පැවැසෙයි.

එකිනෙක ගැටුණේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. අනතුර සිදුවූයේ කයිරෝ නුවරට උතුරු දෙසින්, බෙහයිරා පළාතේ කොම් හමාදා නගරයට නුදුරිනි.

ගැටුමත් සමඟ මගී දුම්රියේ මැදිරි දෙකක් ගැලැවී දුම්රිය මාර්ගයෙන් පිටතට විසි වී ගොස් ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙයි. අනතුර සිදුවූයේ රාත්‍රී 10.45 ට පමණය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS