ඊජිප්තුවේ ජනමත විමසුමක්



හමුදා ප්‍රධානියා ලෙස ජනාධිපති ධුරයට පත්ව, ඉන්පසු සිවිල් ජනාධිපතිවරයකු ලෙස දිගටම ධුරයේ රැඳී සිටින, ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊජිප්තුවේ ජනමත විමසුමක් පැවැත්වෙයි.

ජනමත විමසුම පැවැත්වෙන්නේ ජනපතිවරයාගේ ධුර කාලය 2030 තෙක් දීර්ඝ කර ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටය.

විදේශගතව සිටින ඊජිප්තු වැසියන් ද ඇතුළු මිලියන 9.5 ක පිරිසක් මෙම ජනමත විමසුමට එක් වෙති. ජනමත විමසුම දින තුනක් පුරාවට පැවැත්වෙන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS