ඊජිප්තුවේ අවි ගැටුමක්



ඊජිප්තුවේ, බටහිර දෙසින් පිහිටි බහාරියා ක්ෂේම භූමයට නුදුරින් කාන්තාර ප්‍රදේශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සහ ඉරාක ආරක්ෂක අංශ අතර දරුණු අවි ගැටුමක් ඊජිප්තු හමුදා සහ පොලිස් නිලධාරීහු 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඊජිප්තු ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින්, ඔවුන් වටළමින් පහර දුන්නේ ‘හස්ම්’ නමැති ඉස්ලාමීය සන්නද්ධ කල්ලියේ සාමාජිකයන් යැයි පැවැසෙයි. අවි ගැටුම නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය.

ඊජිප්තු ආරක්ෂක අංශ කළ වෙඩි තැබීම්වලින් ත්‍රස්තවාදීන් පස් දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.

‘හස්ම්’ යනු ඊජිප්තුවේ තහනමට ලක් කෙරුණු ‘මුස්ලිම් සහෝදරත්වය’ නමැති දේශපාලන පක්ෂයට සම්බන්ධ වී සිටි ක්‍රියාකාරීන් යැයි පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS