ඊජිප්තුවෙන් ඉපැරැණි සොහොන් ගැබක් සොයා ගැනෙයි



මමීකරණය කළ සිරුරු 50 කින් සමන්විත වූ ඉපැරැණි සොහොන් ගැබක් ඊජිප්තුවේ මින්යා නගරයෙන් මතු කර ගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ.

මින්යා පිහිටා ඇත්තේ කයිරෝ අගනුවරට දකුණු දෙසිනි. සොහොන් ගබ කාමර හතරකින් සමන්විත බවත් එය මීටර් 9 ක් ගැඹුරේ තිබී කැණීම්වලින් සොයා ගත් බවත් ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මමීකරණයට ලක් කළ සිරුරු 50 න් 12 ක් කුඩා දරුවන්ගේ යැයි පැවැසෙයි.

කයිරෝහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS