ඊජිප්තුවට ලබා දුන් ආධාර නවත්වයි



ඊජිප්තුවට ලබා දෙන මුදල් ආධාර නැවැත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇති අතර, එය ඊජිප්තුවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඇමෙරිකාව, වාර්ෂිකව ඊජිප්තුවට හමුදා ආධාර ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 195 ක් ලබා දීම සිදු කරයි.
නැවැත්වීමට තීරණය කර ඇත්තේ මෙම ආධාර මුදලය.

ඊට හේතු වී ඇත්තේ ඊජිප්ප්තුවේ මානව හිමිකම් උල්ලංගනය වීම් සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් ඊජිප්තු රජය මුනිවත රකිනවා යැයි චෝදනා කරමිනි.

හමුදා ආධාර මුදලට අමතරව තවත් ආධාර මුදල් ද ඇමෙරිකා රජය විසින් ඊජිප්තුවට වාර්ෂිකව ලබා දීම සිදු කරයි. එම ආධාර මුදලින් ද ඇමෙරිකන් ඩොලර් 96 ක් කපා හැරීමට පවා ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ඊජිප්තු විදේශ ඇමැති සමේහ් ෂොක්රි පවසා ඇත්තේ ඇමෙරිකාව ගත් තීරණය ගැන සතුටු විය නොහැකි බවත්, ඇමෙරිකාව එම තීරණය ගෙන ඇත්තේ නිවැරදි අවබෝධයකින් නොවන බවත්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම ඔහුගේ උපදේශකවරයකු ද වන ජෙරාඞ් කුෂ්නර් සමඟ හමුවක් පැවැත්වීමට ජිප්තු විදේශ ඇමැති සමේහ් ෂොක්රි සූදානමින් සිටි නමුත් එම හමුව අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS