ඊජිප්තුව සංචාරකයන්ව සාදරෙන් පිළිගනියි



ඊජිප්තුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ව සාදරයෙන් පිළිගැනීමට ඊජිප්තු රජය කටයුතු කරන බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සියළුම ගුවන්තොටුපොලවල් වසා දැමීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදු වු අතර, එම ගුවන්තොටුපොලවල් යළි විවෘත කරමින් සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය කටයුතු කරමින් සිටියි.

ගීසාහි මහා පිරමිඩ ඇතුළු ප්‍රධාන ආකර්ෂණීය සංචාරක ස්ථාන නැවත විවෘත කිරීමට ඊජිප්තු රජය කටයුතු කර ඇත.

ඊජිප්තු ආර්ථිකයට 15%ක දායකත්වයක් සංචාරක කර්මාන්තය ලබාදෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)   

RECOMMEND POSTS