ඊජිප්තුව යළි සීමා දැඩි කරයි



ඊජිප්තුව ඇඳිරිනීතිය ආරම්භ කිරීම පැය පහකින් ඉදිරියට ගෙන එන බවත් මැයි 24 සි දින හයක් දක්වා පොදු ප්‍රවාහන සේවා නවතා දමන බවත් ප්‍රකාශ කර තිබේ.

අගමැති මොස්ටාෆා මැඩ්බුලි ඊයේ (17) මේ බව ප්‍රකාශ කළේය.

රාමසාන් මාසය අවසානයේ දීර්ඝ නිවාඩු කායලය සඳහා වෙළෙඳ සැල්, ආපනශාලා, උද්‍යාන සහ වෙරළ වසා තැබෙන අතර ජනතාව සංචාරය කිරීම සීමා කිරීම වශයෙන් මෙම තත්ත්වය අවම වශයෙන් තවත් සති දෙකක් පමණ කාලයක් පවත්වාගෙනන යාමට සිදුවනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඊජිප්තුවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 12,229ක් වා‍ර්තා වී ඇති අතර මරණ 630ක් ද සිදුව තිබේ.

පසුගිය දා ඇඳිරිනීතිය ලිහිල් කිරිමෙන් පසු දෛනිකව හමුවන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජුනි මාසයේ මැද සිට ක්‍රීඩා සමාජ සහ ආපනශාලා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ද යළි ඇඳිරිනීතිය රාත්‍රී 8.00 දක්වා පසුපසට ගැනීමට හැකිවනු ඇතැයි ද අගමැතිවරයා පැවසීය. එමෙන්ම පූජනීය ස්ථාන විවෘත කිරීම ගැන සළකා බලන බව ද ඔහු පවසයි.


RECOMMEND POSTS