ඊජිප්තුව කොරෝනා සීමා ඉවත් කරයි



ඊජිප්තුව කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, මාස තුනකට වැඩි කාලයක් වසා දමා තිබු මුස්ලිම් සහ ක්‍රිස්තියානි පල්ලි, ආපනශාලා, සමාජ ශාලා, ව්‍යායාම මධ්‍යස්ථාන සහ සිනමාහල් නැවත විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

ආපනශාලා නැවත විවෘත කිරීමට අවසර දී ඇත්තේ 25% ක ආසන ධාරිතාවයකින් පමණක් බව අග්‍රාමාත්‍ය, මුස්තාපා මැඩ්බූලි පවසනවා

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ඊජිප්තු ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා රජය විශාල උනන්දුවකින් කටයුතු කරන බව ඊජිප්තු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS