ඊජිප්තු හමුදා ප්‍රධානියා ත්‍රස්තයන් අතරේ ලොක්කෙක්



2012 වර්ෂයේදි ඊජිප්තු හමුදාවෙන් නෙරපා දමනු ලැබු ඊජිප්තු හමුදාවේ සේවය කරන ලද ඉහළ පෙළේ නිලධාරියකු ඊශාන දිග ලිබියාවේ පිහිටි නගරයක් වන දර්නා හි ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායමක ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන බව ලිබියානු හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්නල් අහමඩ් අල්- මෙස්මාරි සෙයිඩ් හිෂාම් අෂ්මාවි ප්‍රකාශ කළේය.

අන්තවාදි අදහස් ඊජිප්තු හමුදා සෙබළුන් තුල ව්‍යාප්ත කිරීමට උත්සහ කිරීම හේතුවෙන් හමුදා නිලධාරියාව 2012 වර්ෂයේදි ඊජිප්තුහමුදා අධිකරණයක් මඟින් හමුදාවෙන් නෙරපා දැමීමට නියෝග කර ඇත.

වයස අවුරුදු 35ක් වු නිලධාරියා ඊජිප්තු හමුදාව තුල වසර 10ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති අතර සිනායි අර්ධද්වීපයේ සේවයේ නිරතවී ඇති බව ලිබියානු හමුදාප්‍රකාශකයා මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

මොහු විශාල ප්‍රහාර ගණනක් සැළසුම් කර ඇති අතර, පසුගිය දා ඊජිප්තුවේ මින්යා නගරයේ දි බස් රථයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ආගමික නායකයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම ඔහු සැලසුම් කරන ලද ප්‍රහාරයක් බවට ලිබියානු ආරක්ෂක අංශ සැක පළ කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-අරේබියන් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS