ඊජිප්තු රජය මැදිහත් වෙයි



ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර හටගත් නව අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබා අවසන් කළ යුතු යැයි ඊජිප්තුව පවසයි.

හටගත් නව අර්බුදය සාමකාමීව අවසන් කිරීමට තමන් ඊශ්‍රායල රජයේ පාර්ශ්ව සමඟත්, පලස්තීන සටන්කාමීන් සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඊජිප්තු රජය පෙන්වා දී තිබේ.

මීට පෙර 2021 වසරේ දින 11 ක කාලයක් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර ගැටුම් පැවැතිණි. එම අවස්ථාවේ දී ද මැදහත් වෙමින් අර්බුදය විසඳීම කළේ ඊජිප්තු රජයයි.

(බීබීසී)


RECOMMEND POSTS