ඊජිප්තු රංගන ශිල්පියා මියයයි



ප්‍රවීන ඊජිප්තු රංගනශිල්පි,ෆාරුක් අල්-ෆිෂාවි බ්‍රහස්පතින්දා (ජුලි 25) උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට වයස අවුරුදු හැට හතක් වු අතර දීර්ඝ කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විදිමින් සිට ඇත.

අධික ලෙස කෝමා තත්ත්වයට පත්වීමෙන් පසු කයිරෝ නුවර පෞද්ගලික රෝහලකදී මියගොස් ඇත.

34 වැනිඇලෙක්සැන්ඩ්‍රියා මධ්‍යධරණි චිත්‍රපට උළෙල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී තමන් පිළිකා රෝගයෙන් පීඩා විඳීන බව ප්‍රකාශ කර ඇත.

“මම පිළිකාව පරදවනවා, ලබන වසරේ නැවතත් මෙහි එනවා.’’ යනුවෙන් මියයෑමට මාස අටකට පෙර චිත්‍රපට උළෙල විවෘත කිරීමෙන් පසු සිය රසිකයන් හමුවේප්‍රකාශ කර ඇත. 

1952  උපත ලබා ඇති ෆාරුක් අල්-ෆිෂාවි 1981 සිට චිත්‍රපට 61වඩා වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS