ඊජිප්තු මාධ්‍ය මොර්සිට අවධානයක් දීලා නෑ



කයිරෝ අධිකරණයේ පැවැත්වෙමින් තිබුණු නඩු විභාගය අතරතුර හෘදයාබාදයකට ලක්වී, හදිසියේ මියගිය ඊජිප්තුවේ හිටපු ජනාධිපති 67 හැවිරිදි මොහොමඞ් මොර්සි සම්බන්ධයෙන්, ඊජිප්තු පුවත්පත් වැඩි අවධානයක් යොමු කර නොමැති බව පැවැසෙයි.

ජාතන්‍න්තර මට්ටමින් මොර්සිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් පුවත් පළ වෙද්දී, ඊජිප්තුවේ පුවත්පත් පමණක් නොව, රූපවාහිනී පුවත් නාළිකා පවා මොර්සිගේ අභාවය සම්බන්ධයෙන්, පුවත් වාර්තා කර ඇත්තේ ‘සීමාසහිතව’ යැයි ද පැවැසෙයි.

හිටපු ජනාධිපති මොහොමද් මොර්සි, මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන කණ්ඩායමේ නායකයාය. ඊජිප්තුවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස සැලකෙන්නේ ද මොර්සිය.

මුස්ලිම් සහෝදරත්වය මේ වනවිට ඊජිප්තුවේ තහනමට ලක් කර ඇත. එහි සෙසු නායකයන්ට ජීවිතාන්ත සිරදඬුවම් හෝ මරණ දඬුවම හෝ හිමිවී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS