ඊජිප්තු පොලිස් මුරපොළකට වෙඩි තැබීමකින් 8 ක් මරුට



 

ඊජිප්තුවේ පොලිස් මුරපොළකට එල්ලවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 


වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ‘නිව් වැලී’ යන නමින් හැඳින්වෙන පළාතට අයත් ප්‍රධාන නක්බ් නමැති පොලිස් මුරපොළට යැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.


ඊජිප්තු ආරක්ෂක අංශ පැවැසුවේ ප්‍රහාරයට ත්‍රස්තවාදීන් තිදෙනකු පැමිණ බවය. ඔවුන් කළ වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් තුවාල ලැබූහ.


වෙඩි තැබීමෙන් පසු ත්‍රස්තයන් දෙදෙනා පලා ගොස් ඇති බවත් ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS