ඊජිප්තු පා පන්දු තරුවක් ත්‍රස්ත ලැයිස්තුවකට වැටිලා



 

ඊජිප්තු පා පන්දු පිළේ හිටපු ක්‍රීඩක මොහොමද් අබුටි්‍රකා එරට බුද්ධි අංශ විසින් සකස් කරනු ලැබූ ‘ත්‍රස්ත ලැසිය්තුවේ’ සිටින බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

මොහොමද් අබුටි්‍රකා අවස්ථා ගණනාවකදී ඊජිප්තු කණ්ඩායමට ජයග්‍රහණ රැසක් හිමිකර දීමට සමත්වූ අයෙකි. මොහු ත්‍රස්තවාදී කල්ලි සමඟ සම්බන්ධකම් පවත්වන්නේ යැයි ඊජිප්තු බුද්ධි අංශ කියයි.

ත්‍රස්ත ලැයිස්තුවට නම ඇතුළත් කිරීමෙන් පසු, මොහොමද් අබුටි්‍රකාගේ සියලු බැංකු ගිනුම් අත්හිටුවීමටත්, ඔහුට රටින් පිටවීම තහනම් කිරීමටත් ඊජිප්තු රජය පියවර ගෙන ඇත.


RECOMMEND POSTS