ඊජිප්තු දේවස්ථානයක බෝම්බයක් පිපිරී 13 ක් මියයති



උතුරුදිග ඊජිප්තුවේ ක්‍රිස්තියානි දේවස්ථානයක බෝම්බයක් පිපිරීයෑමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බය පුපුරා ගියේ ශාන්ත ජෝර්ජ් කොප්ටික් ක්‍රිස්තියානි දේවස්ථානයේය. දේවස්ථානය පිහිටා ඇත්තේ කයිරෝ අගනුවරට උතුරින් ටානා පළාතේය.

ඊජිප්තු පුවත් සේවා වාර්තා කළේ තුවාල ලැබූ 40 කට වැඩි පිරිසක් රෝහල්ගත කළ බවය. ඊජිප්තුවේ සුළුතරය වන්නේ ක්‍රිස්තියානි ප්‍රජාවය. මොවුහු නිරන්තරයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක් වෙති.

(බී.බී.සී)

 


RECOMMEND POSTS