ඊජිප්තු දූපත් සෞදියට



රතු මුහුදේ පිහිටි ජනශුන්‍ය කුඩා දූපත් දෙකක් සෞදි අරාබියට දීමට ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සීසී කටයුතු කර ඇතැයි වාර්තා වේ.

සනෆීර් සහ ටිරාන් නමැති එම දූපත් සෞදියට වැදගත් වෙන්නේ ඒවා පිහිටි ස්ථානය අනුවය.

මෙම දූපත් අතීතයේ සෞදියට අයත් විය. 1950 වසරේ දී සෞදියේම ඉල්ලීම පරිදි එම දූපත් ඊජිප්තුවට පැවැරිණි. දැන් යළි සෞදියට අයත් දේ සෞදියට ලබා දෙන බව ඊජිප්තු ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කරයි.

සෞදියේ මිතුදම් සහ මූල්‍යාධාර වෙනුවෙන් අල් සීසී මෙම දූපත් ආපහු සෞදියට දීමට පියවර ගන්නවා යැයි ජනපතිවරයාට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS