ඊජිප්තු ජනපතිවරණය ඇරැඹේ



ඊජිප්තුවේ ජනාධිපතිවරණය අද (26) එරට වේලාවෙන් උදේ 7 ට ආරම්භ විය.

ජනපතිවරය ඉදිරි තෙදින පුරා පැවැත්වෙයි. හිටපු හමුදාපති මෙන්ම වත්මන් ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී යළිත් වරක් ජනපති ධුරය අපේක්ෂාවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.

ජනපතිවරණය පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය. ඒ, ඉස්ලාමීය අන්තවාදීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින නිසාය.

ජනපතිවරණයේ ප්‍රතිඵල අප්‍රේල් දෙවැනි දා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ද පැවැසෙයි.

අල් සීසීට අභියෝගයක් වීමට ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ තවත් එක් අපේක්ෂකයකු පමණි. ඒ, අල් සීසීගේම සගයෙකු වන මූසා මුස්තාෆා මූසාය. ඊජිප්තු ජනාධිපතිවරණයට දින නියම වෙද්දී අපේක්ෂකයෝ හය දෙනෙක් තරග වැදීමට සූදානමින් සිටියහ.

කෙසේ නමුත්, අල් සීසීගේ තර්ජන හමුවේ ඇතැමුන් ජනපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අල් සීසීගේ රජය කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS