ඊජිප්තු ජනපති ඉන්දියාවේ



ඉන්දියාව හෙට (26) ජනරජ දිනය සමරයි. විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනරජ දිනයට සහභාගී වන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ය.

ඊජිප්තු ජනාධිපති අල් සීසී ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ඊයේ (24) ය. නවදිල්ලි පැමිණි ඊජිප්තු ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ සාකච්ඡා පැවැත්විණි. ඉන්පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා එක් වී මාධ්‍ය හමුවකට ද සහභාගී වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS