ඊජිප්තු ගුවන් හමුදා ප්‍රහාරයෙන් අයි.එස්. ත්‍රස්තයෝ 19 ක් මියයති



ඊජිප්තුවේ උතුරු දිග සයිනායි ප්‍රදේශයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් අයි.එස් ත්‍රස්ත නායකයින් තුන්දෙනෙකු ඇතුළු සාමාජිකයින් 19 දෙනෙකු මියගිය බව ඊජිප්තු ආරක්ෂක අංශ සදහන් කළේය.  

ප්‍රහාරයන් සම්බන්ධයෙන් අයි.එස් ත්‍රස්තයින් කිසිදු ප්‍රතිචාරයක් මේවනවිටත් දක්වා නොමැති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ඊජිප්තු ආරක්ෂක අංශ නිලධාරීන් සිය ගණනක් ඝාතනය කිරීම හේතුවෙන් සයිනායි වල රැදී සිටින අයි.එස් සහය ලත් අන්සර් බෙයිට් අල්-මක්දිස් ත්‍රස්තයන් වෙත ගුවන් ප්‍රහාරයන් එල්ල කල බව ඊජිප්තු ආරක්ෂක අංශයන්ට අයත් ෆේස්බුක් පිටුවෙහි සදහන් කර ඇත.

ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් මියගිය අයි.එස් ත්‍රස්ත නායකයින් පිළිබදව ඊජිප්තු ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කලේ නැත.

නමුත් ඔවුන් පිළිබද හැදීන්වීමක් කර ඇති අතර මියගිය එක් නායකයෙකු එම සංවිධානයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වන අතර අනිත් නායකයා ෂරියා නීති කමිටුවේ ප්‍රධානියා වේ.

තුන් වැනි නායකයා ප්‍රශ්න කිරීම් පිළිබද ප්‍රධානියා වන බව ඊජිප්තු යුධ හමුදාව  සදහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS