ඊජිප්තු ක්‍රිස්තියානුවන්ට වෙඩි



ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානුවන් රැගත් බස් රියකට වෙඩි ප්‍රහාර ප්‍රහාරයක් එල්ල වීමෙන් 28 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 25 කි. වෙඩ තැබීම කළේ ඉස්ලාමීය අන්තවාදීන් කණ්ඩායමක් බව ඊජිප්තු රජය කියයි.

එම වෙඩි ප්‍රහාරයෙන් පසු ඊජිප්තුවේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊජිප්තු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා විය. මෙම අන්තවාදීහු අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෝය.

බස් රියට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 135 ක් දුරින් මින්යා පළාතේදී යැයි පැවැසෙයි.

පසුගිය අප්‍රේල් 9 වැනිදාත් පසුගිය දෙසැම්බර් 29 වැනිදාත් උතුරුදිග ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි පල්ලි දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය. එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ගණන 100 ඉක්මවයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS