ඊ දුල් පීතර රාමසාන් නිවසේ සිට සමරන්න



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ගෝලීය වසන්ගතයත් සමග සෞදි අරාබියේ දැනට පවතින අයහපත් වාතාවරණය හමුවේ එළබෙන ඊදුල් පිතර් රාමසාන් උත්සවය නිවසේ සිටම සමරන ලෙස සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සෞදියේ වෙසෙන සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.

කොවිඩ් 19 ආසාදිතයින් සීග්‍රයෙන් ඉහලයාම හේතු කොට ගෙන රාමසාන් මාසය පුරාම ඇදිරි නිතිය ක්‍රියාත්මක වුවද පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා වෙළද සල් සහ අනිකුත් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සදහා අවස්තාව ලබාදී තිබුණි.කෙසේ වුවද ආසාදිතයින් ඉතා ඉහල මට්ටමක පවතින මක්ක සහ මදිනා යන ප්‍රදේශ සදහා පය 24 පුරාවට ඇදිරි නිතිය දැනටමත් කියාත්මක වේ.

ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත ඉදුල් පිතර් රාමසාන් උත්සවය සැමරීම සදහා ස්ලාම් භක්තිකයින් ලහි ලහියේ සුදානම් වන බව දක්නට ලැබෙන අතර මෙම මස 23 දින සිට සතියක් පුරා එය පැවැත්වීමට නියමිතය. එසේ වුවද සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනුයේ කොවිඩ් 19 අවධානම සලකිල්ලට ගෙන උත්සව සමය නිවසේ සිටම සමරන ලෙසත් සමාජ දුරස්ථ භාවය, මුඛ ආවරණ, අත් වැසුම්, අත් සේදීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයන් නිරන්තරයෙන් පිළිපදින ලෙසත් නිවසිස් බැහැරව යාම කණ්ඩායම් එක් රැස් වීම මුහුදු වෙරළ,උත්සව ශාලා සහ අනිකුත් විශේෂ ස්ථාන වල ගැවසීම සපුරා තහනම් බවත් අමාත්‍යාංශය පවසයි.අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ මෙම මස 23 දින 27 වෙනි දින දක්වා කාලය තුල සෞදි අරාබියේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි පය 24 පුරාවටම ඇදිරි නිතිය ක්‍රියාත්මක වන බවයි.

සෞදි අරාබියේ මැයි 21 වෙනි දින වන විට පසු ගිය පය 24 කාලයක් තුලදී කොවිඩ් 19 ආසාදිතයින් 2691 දෙනෙකු වාර්තා වී තිබු අතර එක දිනක් ඇතුලතදී සුවය ලබා ඇති ගණන 1,844 කි.සෞදි අරාබියේ මේ වන විට මුළු ආසාදිත සංඛ්‍යාව 62545 ක් වන අතර සුවය ලබා ඇති ආසාදිත සංඛ්‍යාව 33,468 ලෙසද මිය ගොස් ඇති මුළු ගණන 339 ක් බවද සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.අද 21 වන විට ගෝලීය ආසාදිත සංඛ්‍යාව 4,915,004 ක් ලෙසද සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,702,225 ලෙසද මිය ගිය මුළු ගණන 3,23,653 දෙනෙකු වෙන බවද වාර්තාවේ. ගෝලීය මට්ටමෙන් සසදා බැලීමේදී සෞදි අරාබියේ කොවිඩ් මරණ අනුපාතය ඉතාම අඩු මට්ටමක පවතින අතර එය 0.56% හෝ 0.6% අගයක් ගන්නා අතර සුවය ලබන්නන්ගේ සංඛ්‍යාව 50%  දක්වා වර්ධනයක් බවද වාර්තා  කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

RECOMMEND POSTS