ඉස්ලාමීය සහයෝගීතා සමුළුව තුර්කියේ



ඉස්ලාමීය සහයෝගීතා සමුළුව හදිසියේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ආරම්භ විය. ඒ, තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉස්ලාමීය සහයෝගීතා සමුළුව රටවල් 57 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ සහභාගී වෙති.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව මෙවර හදිසියේ පැවැත්වෙන්නේ, ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ හටගත් නව අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනිමිනි.

සමුළුවට පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ද සහභාගී විය. ඇමෙරිකා ජනපතිගේ තීරණය ඊශ්‍රායල පලස්තීන සාමයට බාධාවක් වී ඇත්තේ කෙසේදැයි අබ්බාස් පෙන්වා දුන්නේය.

ඉරාන ජනපති හසන් රොව්හානී ද ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට සහභාගී වෙයි. පලස්තීන වැසියන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් සැවොම එක් විය යුතු බව ජනපති රොව්හානි සමුළුව අමතමින් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS