ඉස්ලාමීය රාජ්‍යය අවසන්



ඉරාක හමුදා එරට මොසූල් නුවර අල් නූරි මුස්ලිම් දේවස්ථානය ද දයේෂ් හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට සමත් වී සිටින අතර ඉරාක රජය නිවේදනය කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ‘ඉස්ලාමීය රාජ්‍යය’ බිඳ වැටුණු බවය.

අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ‘ඉස්ලාමීය රාජ්‍යය’ පිහිටුවා ගෙන තිබුණේ මෙම අල් නූරි මුස්ලිම් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින් මොසූල් නගරයේය.

අයි.එස්. නායක අල් බැග්ඩෑඩි, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවූ බව ප්‍රසිද්ධ කළේ ද මෙම දේවස්ථානය ඉදිරිපිට සිටය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS