ඉස්තාන්බුල් නුවරට දරුණු හිම පතනයක්



තුර්කියේ ඉස්තාන්බුල් නුවරින් දරුණු හිම පතනයක් වාර්තා වේ. එරට කාලගුණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙවර අසාමාන්‍ය ලෙස දැඩි හිම පතනයක් වාර්තා වූ බවය.

හිමෙන් වැසුණු මාර්ගවල හිම ඉවත් කිරීමටත්, ඉස්තාන්බුල් ගුවන්තොටුපොළේ ගුවන්පතවල හිම ඉවත් කිරීමටත් හමුදාව යොදවා ඇතැයි ද පැවැසෙයි.

දැඩි හිම පතනය හේතුවෙන් ඉස්තාන්බුල් ගුවන්තොටුපොළේ ගබඩා අංගනයක වහලය කඩා වැටී ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

හිම තට්ටු නිසා නිවෙස්වලට කොටුවී සිටින හදිසියේ අසනීප වන රෝගීන් කඩිනමින් රෝහල්ගත කිරීමට හමුදා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවත් වාර්තා වේ.

යතුරු පැදි සහ පෞද්ගලික මෝටර් රථ ධාවනය තාවකාලිකව නතර කිරීමට ද ඉස්තාන්බුල් නුවර බලධාරීන් තීරණය කර තිබේ. පාසල් සහ කාර්යාල වසා දමා ඇතැයි ද පැවැසෙයි.

හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත්, හිම පතනය සහ සීතල කාලගුණය ඉක්මනින් අවසන් වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS