ඉරානයේ සූෆිවරුන් සමඟ ගැටුමක්



ඉරානයේ සූෆි මුස්ලිම්වරුන් පිරිසක් සහ පොලිසිය අතර හටගත් ගැටුමකින් පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සූෆි මුස්ලිම්වරුන් සහ පොලිසිය අතර මෙම ගැටුම හටගත්තේ, සූෆිවරුන්ගේ විරෝධතා රැලියකට පොලසිය හරස් වීමත් සමඟය.

විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබුණේ තෙහෙරාන් අගනුවරට උතුරු දෙසින් යැයි ද පැවැසෙයි.

සූෆි මුස්ලිම්වරුන් විරෝධතාවට එක් වී ඇත්තේ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගමිනි. ඉරාන රජය ඔවුන් මර්දනයට පොලිසිය යෙදවුණු බවත්, විරෝධතාකරුවන් කලහකාරීව හැසිරෙන්න වූ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ යැයි සැකපිට විරෝධතාකරුවන් පස් දෙනෙකු සහ බස් රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS