ඉරානයේ සංචාරය කරන්න ඕනෑ : චාල්ස්



ඉරානයේ සංචාරය කිරීමට කැමැත්තෙන් සිටින බව බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු ප්‍රකාශ කර ඇත.

“ඇත්තෙන්ම මම කැමති ඉරානයේ නිලසංචාරයක නිරතවන්න. ඉරානය සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ ඉතා වැදගත් කොටසක්. මානව දැනුම, සංස්කෘතිය, කවි, කලාව සඳහා විශාල දායකත්වයක් ඉරානය ලබා දී තිබෙන බව මම දන්නවා. ’’ යනුවෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චාල්ස් කුමරු ප්‍රකාශ කර ඇත.

හැරී කුමරු සිය බිරිඳ මේගන් සමඟ රාජකීය තනතුරුවලින් ඉවත් වීම සහ රජ පවුලේ අර්බුදයසම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම චාල්ස් ප්‍රතික්ෂේප කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඉන්ඩිපෙන්ඩන්ට්)

RECOMMEND POSTS