ඉරානයේ ෂියා සුන්නි එකමුතුවක්



ඉරානයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතරේ ශක්තිමත් බැඳීමක් පවතින බව ඉස්ලාමීය විප්ලවයේ නායකයා මෙන්ම ඉරාන උත්තරීතර නායකයා ද වන අයතුල්ලා අලී කොමේනී කියයි.

ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයකි. ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය ලෙස සැළකෙන්නේ ද ඉරානයයි.

පසුගිය දා ඉරාන රජයේ නියෝජිතයන් සහ එරට සුන්නි මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ආකමික නායකයන් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.

ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර පවතින මිත්‍රත්වය පැසැසුමට ලක් කරමින්, උත්තරීතර නායක අල් කොමේනී අනතුරු ඇඟවීමක් කළේ ඉරානයේ ෂියා සහ සුන්නි භේදයක් ඇති කිරීමට බාහිර බලවේග සැමවිටම උත්සාහ ගන්නා බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS