ඉරානයේ විශාලතම සූර්ය විදුලි බලාගාරය



ඉරානයේ විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගියදා විවෘත කෙරුණි. විදුලි බලාගාරය ඉදිකරනු ලැබ ඇත්තේ ඉරානයේ බටහිර දෙසින් පිහිටි හම්මාදන් පළාතේ කාන්තාරබද ප්‍රදේශයකය.

මෙම යෝධ විදුලි බලාගාරය, කුඩා විදුලි බලාගාර දෙකක එකතුවක් යැයි එය ඉදිකළ ඉරානයේ ‘රිනියුබල් එනර්ජි ඔර්ගනයිසේෂන්’ සමාගම හෙවත් ‘සූනා’ පෙන්වා දෙයි. 

මෙගාවොට් 35 ක විදුලිය බලයක් මෙම බලාගාරයෙන් නිපදවන බව ද වාර්තා වේ. සූර්ය විදුලි බලාගාරය මෙම මස මුලදී විවෘත කරනු ලැබුවේ ඉරාන බලශක්ති ඇමැති හමීද් චිට්චියැන්ගේ ප්‍රධානත්වයෙන් යැයි ඉරාන ප්‍රෙස්ටීවී පුවත් සේවය වාර්තා කරයි.

 

(ප්‍රෙස්ටීවී)

 


RECOMMEND POSTS