ඉරානයේ මරණ 30,000 පසු කරයි



ඉරානය මේ වනවිට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දී ඇති බවත්, එරට සමස්ත මරණ සංඛ්‍යාව 30,000 පසු කර ඇති බවත් වාර්තා වේ.

මැදපෙරදිග කලාපීය රටවල් අතරින් කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යයක් ලෙස ඉරානය සැලකෙයි.

ඉරානය මෙසේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ අවම සෞඛ්‍ය පහසුකම් යටතේය. ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන වැසියෝ මහත් අසීරුතාවකට පත්වී සිටිති.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS