ඉරානයේ භූමි කම්පාවක්
ඉරානයේ දකුණු දිග බුෂේහර් පළාතේ රික්ටර් මාපකාංක 5.9ක භූම් කම්පාව සිදු වූ බව වාර්තා වේ.
භූමි කම්පාව සිදු වූ ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් ද පිහිටා තිබෙන බවත් භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ පුද්ගල තුවාල ලැබීම් වාර්තා නොවන බව ද එරට රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේය.
මෙම පළාතේ දුෂ්කර ප්‍රදේශයක මෙම භූමි කම්පාව සිදුව තිබෙන අතර මැටියෙන් තතා තිබෙන නිවාස රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ.
කාකි නැමැති ප්‍රදේශයට භූමි කම්පාවෙන් දැඩි හානි සිදු වී ඇතැයි රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය බහ්රේනය සහ අසල්වැසි රටවල් කිහිපයකට දැනී ඇතැයි ද ඉරානයේ ටස්නිම් පුවත් සේවය වාර්තා කළේය.
භූමි කම්පාවේ ගැඹුර කිලෝමීටර 18ක් යැයි ද වාර්තා විණි.
(රොයිටර්)