ඉරානයේ භූමි කම්පාවක්



බටහිර ඉරානයට බලපෑ භූ කම්පනයකින් 75 දෙනකු තුවාල ලැබූ බව එරට හදිසි වෛද්‍ය සේවා ඒකකය සඳහන් කළේය.

ඉරාක දේශසීමාව ආසන්නයේ ඇති වූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් ලෙස සටහන් වූ බව ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළ නමුත් එම ආයතනය පසුව එය 5.5ක් යැයි සඳහන් කළේය.

තුවාල ලැබූ සියලු දෙනා ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් නික්ම ගිය බව බලධාරිහු සඳහන් කළහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS