ඉරානයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්



ඉරාන ජනාධිපතිවරණය සහ පලාත් පාලන මැතිවරණ මේ වනවිට අවසන් වී ඇති අතර, ඒවායේ ප්‍රතිපල අද දිනය අවසන් වීමට පෙර නිකුත් කෙරෙනු ඇත.

අන් කවරදාටත් වඩා මෙවර ඉතා වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දුන් කාල සීමාව පැය 3 කින් දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදුවුණි.

මිලියන 40 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර අතර ඡන්ද ගණන් කිරීම මේ වනවිට ලහිලහියේ සිදුවෙයි.

වත්මන් ජනාධිපති හසන් රොව්හානී යළි ජනපති ධුරය අපේක්ෂාවෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටී. ඔහුට අභියෝගයක් එල්ල වී ඇත්තේ එබ්‍රහීම් රයිසීගෙනි.

විදේශවල වෙසෙන ඉරාන වැසියන් වෙනුවෙන් ඒ ඒ රටවල ඡන්ද පොළ පැවැත්විණි. එම රටවලින් ද ඡන්ද පෙට්ටි ඉරානය බලා පැමිණීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS