ඉරානයේ කොරෝනා මරණ 50,000 පනී



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ සිදුවුණු මරණ 50,000 පසු කර තිබේ.

ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දෙන අන්දමට, ඉරානය මේ වනවිට මුහුණ දී සිටින්නේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ලටය.

වයිරස ආසාදිතයන් වැඩි වෙද්දී, සංචරණ සීමා සහ ඇඳිරි නීතිය පැනැවීම නගර ලොක්ඩවුන් කිරීම ආදිය විටින් විට සිදුවන බව වාර්තා වේ.

මේ වනවිට ඉරානයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1,028,986 කි. ඉරානය කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකාව පනවා ඇති වෙළෙඳ සහ ආර්ථික සම්බාධක මැදය.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS