ඉරානයේ කොරෝනා මරණ 3,739 ක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මරණ 3,739 තෙක් ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.

ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 60,500 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඉරානය කොරෝනා වයිරසයට මුහුණ දෙන්නේ අවම පහසුකම් යටතේය. ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන වැසියන් දැඩි අපහසුතාවට පත් වී සිටින බව වාර්තා වේ.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමිනි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS