ඉරානයේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්



ඉරානයේ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය. ඊයේ (04) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 3574ක් ඉරානයෙන් වාර්තා වී තිබිණි.

පසුගිය දින තුනක කාලයේ දී අඛණ්ඩව කොරෝනා ආසාදිතයන් 3000 ඉක්මවමින් වාර්තා වීම හේතුවෙන් දෙවැනි රැල්ලක් පිළිබඳ මෙසේ අනතුරු අඟවා ඇත. යලි කොරෝනා පැතිරීයාම ආරම්භ වුවහොත් සීමා දැඩි කිරීමට පියවර ගන්නා බව ද ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට ඉරානයෙන් වාර්තා වී ඇති සමස්ථ රෝගීන් සඛයාව 164,270ක් වන අතර ඊයේ සිදුව අති මරණ 59ක් සමග එරටින් වාර්තා වූ සමස්ථ මරණ සංඛ්‍යාව 8,071ක් දක්වා ඉහළ ගොස් ඇත. 


RECOMMEND POSTS