ඉරානයේ ඉලක්ක හඳුනා ගත්තා



ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ශක්තිමත් කර ගන්නා බව පෙනී යන්නේ නම්, පහර දීමට, ඉරානයේ ඉලක්ක හඳුනාගෙන ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ග්‍රාන්ට්ස් පවසයි.

හිටපු හමුදාපතිවරයකු මෙන්ම, දේශපාලනඥයකු ද වන බෙනී ග්‍රාන්ට්ස් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ 'ෆොක්ස් නිවුස්' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරානයේ පමණක් නොව, ඉරාන හමුදා ලෙබනනයේ ක්‍රියාත්මක වන ස්ථාන පවා තමන් හඳුනාගෙන ඇති බවත්, ඒවා ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කිරීමට සීරුවෙන් පසුවන බවත් බෙනී ග්‍රාන්ට්ස් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS