ඉරානයේ ආසාදිතයෝ 18,407 ක්



ඉරානයේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 18,407 දක්වා ඉහළ ගොස් ඇති බවත්, 1,284 ක පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.

ඉරානයේ වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 5,979 කි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත.

එම සම්බාධක හේතුවෙන් වයිරස වසංගතයට එරෙහිවීම ඉරාන රජයට අභියෝගයක් වී ඇත. ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට දන්වා ඇත්තේ සම්බාධක ලිහිල් කරන ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS