ඉරානයෙන් මංගල මෘදුකාංගයක්



ඉරානය මංගල මෘදුකාංගයක් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

දරුපල අනුපාතය සීඝ්‍ර ලෙස අඩු වීම හේතුවෙන් අදාල මෘදුකාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර, ඉරාන රජයේ අනුමැතියද හිමි වී ඇත.
නොගැලපෙන පුද්ගලයන් අතර සිදුවන විවාහයන්  සීමා කිරීම සහ විවාහයන් ප්‍රවර්ධනය කිරීම මෙම මෘදුකාංගය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

“හැම්ඩම්’’ නැමති මෘදුකාංගය රාජ්‍ය අනුබද්ධ ඉස්ලාමීය සංස්කෘතික ආයතනයක් විසින් නිර්මාණය කර ඇත.

මෙම මෘදුකාංගය භාවිතා කරන පරිශීලකයින්ට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන අතර, මානසික අනුකූලතා පරීක්ෂණයක්ද සිදු කරයි.

විවාහ සහකරුවෙකු සොයන තරුණ තනිකඩයන්ට අවශ්‍ය උපදෙස් සහ තවත් සේවාවන් රාශියක් මෘදුකාංගය හරහා ලබා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)


RECOMMEND POSTS