ඉරානයෙන් 750 ක් ඉවත් කරගනියි



ඉරානයේ සිටින කුවේට් ජාතිකයන් හත්සිය පනස් දෙනෙක් ඉවත් කර ගන්නා බව වාර්තා වේ.

කුවේට් ජාතිකයන් එකසිය තිස්දෙනෙක් ඉරානයෙන් ඉවත් කරගැනීමට කුවේට් ගුවන් සමාගම මේවනවිට කටයුතු කර තිබේ.

ඉරානයේ සිට පැමිණි පළමු කණ්ඩයමේ කොරෝනා(COVID-19) රෝග ලක්ෂණ නොමැති බවත්,  සෞඛ්‍ය සම්පන්නව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය බාසල් අල්- සබා පැවසීය .

කුවේට් ජාතිකයන්ව රැගෙන ඒම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කර බව කුවේට් ගුවන් සමාගම පැවසීය.

කොරෝනා වෛරසය අසාදනය වීම වැළක්වීම සඳහා අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඉදිරි පැය කිහිපය තුළ සාද් අල්-අබ්දුල්ලා ගුවන්තොටුපළට ගුවන්යාන පහක් ගොඩබෑමට නියමිත බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති සංඛ්‍යාලේඛනවලට අනුව කුවේට් ජාතිකයන්750 ක් පමණ මාෂාඩ් නගරයෙන් ඉවත් කරගැනීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS