ඉරානයත් ඉරාකයත් සබඳතා තරකර ගනී



රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉරාක විදේශ ඇමැති ෆවුද් හුසේන් සහ ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් අතර හමුවක් ඉරානයේදී පැවැත්විණි.

ඉරානයට ආ ඉරාක විදේශ ඇමැතිවරයාට ඉරාන රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. ඉරානය සහ ඉරාකය අසල්වැසි රටවල් වන අතර, 1980 වසරේ සිට 1988 වසර තෙක් දෙරට අතර යුද්ධයක් පැවැතිණි. යුද්ධයට හේතුව ඉරානය, ඉරාකය ආක්‍රමණයයි. වසර අටකට පසු යුද්ධය අවසන් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී දෙරට අතර සටන් විරාසයක් සහ සාම ගිවිසුමක් ඇති කිරීමෙන් පසුවය.

ඉරාක විදේශ ඇමැතිවරයා ඉරානයේ සංචාරයක නියැලෙන්නේ එම යුද්ධයේ 40 වැනි සැමරුම නිමිත්තෙනි. ඉරානයේ තෙහෙරාන් බලා පැමිණි ඉරාක විදේශ ඇමැති ෆවුද් හුසේන්, ඉරාන ජනාධිපති හසන් රොව්හිනි ද හමුවිය.

එහිදී කලාපීය වශයෙන් ඉරාකය සහ ඉරානය මුහුණ දෙන ගැටලු සහ ඉරාකයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. ජනාධිපති රොව්හානී හමුවීමෙන් පසු ඉරාක විදේශ ඇමැතිවරයා ඉරාන පාර්ලිමේන්තු කතා නායක බගේර් ගලිබාෆ් හමුවීමට ද අමතක නොකළේය.

ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරාකයේ ෂියා, සුන්නි සහ කුර්දි මුස්ලිම් වැසියෝ වාසය කරති. කුර්දිස්තානය ඉරාකයට අයත් වෙනම පාලනයක් සහිත ප්‍රදේශයකි. කුර්දිවරුන් ජීවත් වන්නේ කුර්දිස්තානයේය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ රැඳී සිටීම ඉරාකයේ සුන්නි, ෂියා සහ කුර්දිවරුන්ගේ සමඟියට බාධාවක් බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

බැග්ඩෑඩයේදීය (රොයිටර්)


RECOMMEND POSTS