ඉරානයට සම්බාධක පැනැවීම අද



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝග මත මේ සතියේදී නැවත වරක් ඉරානයට සම්බාධක පනවන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරිදා (5) පැවැසීය.

එම සම්බාධක පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවන බව ද හෙතෙම සඳහන් කළේය.

කලින් පනවන ලද සම්බාධක කිහිපයක් නැවත පනවන බවත් ඊට අමතරව නව සම්බාධක ද පනවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නම සඳහන් නොකළ නිලධාරියෙක් සඳහන් කළේය. එම සම්බාධක අද දිනයේ (7) පනවන බව ද එම නිලධාරියා කීවේය.

ආසියානු සංචාරය නිමවා පැමිණි පසු මාධ්‍යවේදීන් හමුවේ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉහත කරුණු සඳහන් කළේය.
“ඉරානයේ සතුරු හා දුෂ්ට ක්‍රියා නැවැත්වීමට පියවර ගැනීම අපේ එක් වැදගත් කාර්යභාරයක්. ඇමෙරිකාව නැවත වරක් ඉරානයට සම්බාධක පනවනවා” යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා

රොයිටර්

 


RECOMMEND POSTS