ඉරානයට සම්බාධක දාන්න සැරැසෙයි



ඉරානයට නව සම්බාධක පැනැවීම කඩිනමින් කළ යුතු යැයි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කථානායක පෝල් රයන් දිගින් දිගටම අවධාරණය කරයි.

ඉරානයට නව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් රයන් ගෙනා යෝජනාව සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වුවත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩය හමුවේ සම්මත කර ගැනීමට නොහැකි වී ඇත.

පෝල් රයන්, ඊශ්‍රායලයේත් එරට අගමැති බෙන්ජමින් නෙදන්හායුගේත් සමීපතම මිතුරෙකි. ඉරානය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවත්, දැඩි සම්බාධක පැනැවිය යුතු බවත් දිගින් දිගටම පවසන්නේ ඊශ්‍රායලයයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS