ඉරානයට භූමි කම්පාවක්



බටහිර ඉරානයේ කර්මන්ෂා පළාත භූමි කම්පාවකින් කැළැඹිණි.

භූමි කම්පායේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 5.6 ක් ලෙස සටහන් වුවත්, එයින් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.

කෙසේ නමුත් ජීවිත හානි සිදුවුණු බවට වාර්තා ලැබී නැත. ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකය.

පසුගිය වසරේ ද මෙම කර්මන්ෂා පළාත අති ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් විය. මියගිය ගණන 620 කි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS