ඉරානයට බලපෑම් කරන්න බෑ



ඉරානය සමඟ ගැටී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ජයග‍්‍රහණය කිරීමට අවස්ථාවක් උදා වන්නේ නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අවධාරණය කර ඇත.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ 1980 සිට 88 තෙක් කාලයේ ඉරානය සහ ඉරාකය අතර පැවැති යුද්ධය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

80 දශකයේ සදාම් හුසේන්ගේ පාලනය යටතේ ඉරාකයෙන් ඉරානයට බලපෑම් එල්ල විය. ඒ, ඉරාන මිසයිල වැඩසටහන මුල්කොට ගනිමිනි. එදා සදාම් හුසේන් කළ එම බලපෑම්වලට ඉරානය හිස නැමුවේ නැති බව ඉරාන ජනපති කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS