ඉරානයට පුළුවන් මගේ හොඳම මිතුරා වෙන්න



දිගින් දිගටම ඉරානයට තර්ජනය කරන අතරතුරේ. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඉරානයට බලපෑම් කරන්නේ, ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සොයන්න ඉදිරිපත් වන ලෙසටය.

නව න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට තමන් සමඟ එක්වන්නැයි ද ට්‍රම්ප් ඉරානයට දන්වා ඇත. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහස අත්හරින්නේ නම්, ඉරානය තම හොඳම මිතුරා බවට පත් වනු ඇති බවත්, ඉරානය ධනවත් රාජ්‍යයක් බවට පත් වනු ඇති බවත් ට්‍රම්ප් පවසා තිබේ.

ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ අදහස අතහැරලා, මං සමඟ එකතු වුණොත් ඉරානය මගේ හොඳ මිතුරෙක් වේවි. ඉරානය ධනවත් රටක් බවට පත් වේවි. මම ඉරානයේ හොඳම මිතුරා වෙනවා. ඉරානය යළි ශ්‍රේෂ්ඨ රටක් බවට පත් වේවි. එහෙම වෙනවා දකින්නයි මට ඕනෑ’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS