ඉරානයට නව හමුදාපතිවරයෙක්



ඉරාන විල්පවීය හමුදාවේ හමුදාපති ධුරයට ජනරාල් හොසේන් සලාමී පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අයොතුල්ලා අලී කොමේනී පියවර ගෙන තිබේ.

ඉරාන උත්තරීතර නායකයා හමුදාපති ධුරයට ධුරයට ජනරාල් හොසේන් සලාමී පත් කළේ විශේෂ ආඥාවක් නිකුත් කරමිනි.

ජනරාල් හොසේන් සලාමී අත්දැකීම් බහුල රාජකාරිය වෙනුවෙන් කැපවුණු හමුදා නිලධාරියකු බවත්, විල්පවීය හමුදාව මෙහෙයවීමට ඔහුට මනා හැකියාවක් ඇති බවත් උත්තරීතර නායකයා පෙන්වා දී ඇත.

විප්ලපීය හමුදාවේ හමුදාපති ධුරය හොබවමින් සිටියේ මේජර් ජනරාල් අලී ජෆාර්ය. ඔහු හස්රාත් බයිකාතුල්ලා අල් අසාම් සංස්කෘතිකසහ සමාජ මූලස්ථානයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බව ද ඉරාන පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී. ජනරාල් අලී ජෆාර් ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 2007 වසරේ සිටය.

ඉරාන විප්ලවීය හමුදාව විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ඇමෙරිකාව විදෙස් හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ පළමු අවස්ථාව මෙයයි.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS