ඉරානයට දිගටම මහ වැසි



ඉරානයේ නිරිතදිග පළාත්වලට නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, ජනතාව පිඩාවට පත් කරමින් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වේ.

හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 70 දෙනකු මියගොස් ඇති බවත් තවත් සියයකට ආසන්න පිරිසක් අතුරුදන්වී ඇති බවත් වාර්තා වේ. ජල ගැලීම් හේතුවෙන් දරුණු හානි සිදුවී ඇතැයි පැවැසෙන්නේ සුසන්ගේද් සහ කූසෙස්තාන් පළාතේ නගරවලටය.

50,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්, ඔවුන් මේ වනවිට සහන කඳවුරුවල රැඳී සිටින බවත් ඉරාන පුවත් සේවා පෙන්වා දෙයි.

පළාත් කිහිපයක වේල්ල පිරී ඉතිරී යෑමට ආසන්න තත්ත්වයක පවතින බවත්, වාන් දොරටු විවර කිරීමට බලධාරීන් සූදානමින් සිටින බවත් පැවැසෙයි. එසේ නොකළොත් වේල්ල කැඩී යෑමේ අවදානමක් පවතින බවට බිය පළ කෙරේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS