ඉරානයට එරෙහි වෙයි



2015 දී ඇතිකරගත් න්‍යෂ්ටික එකඟාතවයේ කොන්දේසි කඩනවා යැයි මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය, ඉරානයට චෝදනා කරයි.

මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය පවසා ඇත්තේ, 2015 න්‍යෂ්ටික එකඟතාවයේ දී ඇතිකරගත් කොන්දේසිවලට අනුව, ඉරානයට එරෙහිව දැඩි පියවර අනුගමනය කිරීමට තමන් පසුබට නොවන බවය.

යුක්රේන මගී ගුවන් යානය ඉරාන මිසයිල ප්‍රහාරයකින් කඩා වැටීමේ සිදුවීමෙන් පසු, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ට ඉරාන වැසියන්ගෙන් පමණක් නොව, විදේශවලින් ද අප්‍රසාදයක් පළ වී ඇත.

2015 න්‍යෂ්ටික එකඟතාවට අනුව, ඇති කරගත් කොන්දේසි මත, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය තමන්ට බලපෑම් එල්ල කරන්නේ නම්, එය වහා නැවැත්විය යුතු බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් කියයි. එසේ නොකරන්නේ නම් ඵලවිපාක දරුණු විය හැකි බව ද විදෙස් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.

(අල් ජසීරා)


RECOMMEND POSTS