ඉරානයට ඉරාකයෙන් තහංචියක්



ඉරාක පුරවැසියන් හැර, ඉරානයේ සිට පැමිණෙන වෙනත් කිසිවකු ඉරාකයට ඇතුළු කර නොගන්නා බව ඉරාක රජය නිවේදනය කර ඇත.

ඉරාක රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඉරානයේ ‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීම හේතුවෙනි. මේ වනවිට ඉරාකයෙන් කිසිදු වයිරස ආසාදිතයකු හමුවී නැත.

ඉරානයෙන් පැමිණෙන ඉරාක ජාතිකයන් හැර වෙන කිසිවකු රටට ඇතුළු කර නොගන්නා බව නිවේදනට කළේ අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දිගේ කාර්යාලයයි. ඉරාකය සහ ඉරානය අසල්වැසි රටවල්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS